( සිතුම් චතුරංග)
මුලතිව්, මුලිල්වයික්කාල් බටහිර ප්‍රදේශයේ ගෙවත්තක දමා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානයේ නිල ඇඳුම් කිහිපයක් හා එම සංවිධානයේ ධජයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
නිවසෙහි හිමිකරු විසින් වගා කටයුත්තක් සඳහා භූමිය සකස් කරමින් තිබියදී ඊයේ ( 16) වැනිදා පොළව අභ්‍යන්තරයේ සඟවා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුම් හා ධජ සහිත පාර්සලයක් හමුවී තිබේ. අනතුරුව පොලීසියට කළ දැනුම් දීමකින් පසු ස්ථානය පරීක්ෂා කළ පොලීසිය ඒවා සොයාගෙන තිබේ.
සොයාගත් නිල ඇඳුම් අතර එල්.ටී.ටී.ඊ කාන්තා බලකායේ කැමා නිල ඇඳුම් දෙකක්, පිරිමි කැමා ඇඳුම් දෙකක්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංජන සහිත කැමා තොප්පි දෙකක්, බඳ පටි කිහිපයක් හා එම සංවිධානයේ විශාල ධජ දෙකක්ද සොයාගත්බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලා යන ත්‍රස්තවාදීන් නැවත භාවිත කිරීමේ අරමුණින් අදාළ කැමා ඇඳුම් හා ධජ මෙලෙස සඟවා තබන්නට ඇති බවට සැක පලකරන බවයි.
හමුවූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හා ධජ සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.