(ඩී.කේ.රත්න සහ කපිල චන්දන කුරුප්පුආරච්චි)
කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයේ අද (12) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට අක්කර 10 ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මේ වන විටත් ගින්න පැතිර යමින් පවතින අතර කොස්ලන්ද පොලීසිය, දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන් හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
මෙම රක්ෂිතයට ගිනිතැබීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක වර්ග රැසක් ද, සත්ව විශේෂ රැසක් ද වටිනා ඖෂධ පැළෑටි රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.