කොටදෙනියාවේ සේනා මර්දනය කෙරේ


(පුෂ්පකුමාර  මල්ලවආරච්චි)

 
කොටදෙනියාව තෘණ සම්පත් මධ්‍යස්ථානයේ බඩ ඉරිඟු වගා බිමේ බෝවී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසීය.  
     
අක්කර දෙකක පමණ බිම් කඩක වගා කර ඇති ළපටි බඩ ඉරිඟු පැළවල සේනා දළඹුවන් ව්‍යාප්තව සිටි බව කෘෂිකර්ම උපදේශක නිලධාරීන් කළ පරීක්ෂාවේදී සොයාගෙන ඇත.
                                         
පිටතින් පොහොර හා සත්ත්ව ආහාර ආදිය ගෙන ඒම මගින් මෙම වගාවට සේනා දළඹුවන් සංක්‍රමණය වී ඇති බවට කොටදෙනියාව තෘණ සම්පත් මධ්‍යස්ථානය සැක කරයි.   
                                          
මේ නිසා සම්පූර්ණ වගාව කපා වියළා සංරක්ෂණ ක්‍රමයක් ලෙස නිර්වායු තත්ත්වය යටතේ කල් තබා ගැනීමෙන් මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය සත්ත්ව ආහාර ලෙස ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේය.