කොටගල රක්ෂිතයක ගින්නක්


(රංජිත් රාජපක්ෂ )                     
 
පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත්  රක්ෂිතයක අද (9) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි.

අද (09) පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

වතු නිවාස පේළියකට ආසන්නයේ  පිහිටි මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ගින්නෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකට ද  දැඩි බලපැමක් එල්ල වි ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් පවතින දැඩි සුළං තත්ත්වයත් හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.