(ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලක සේවිකාවක් සහ සේවකයෙක් කොවිඩ්-19 ආසාධිතයින් බව අද (10) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
මෙම සේවිකාව අකුරැස්ස හේනේගම පදිංචිකාරියක් වන අතර අදාල සේවකයා ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සේවිකාවගේ අකුරැස්සේදී කරන ලද පී.සි.ආර්. පරීක්ෂණයේදී කෝවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර ගාල්ලේ පෞද්ගලික රෝහලකදී අදාල සේවකයා සිදුකළ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙන බවද බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.
මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ද පැවසූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන මෙම ඇඟලුම් කම්මලේ අදාළ අංශවල සේවකයන්ගේ පී.සි.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද කීය.