කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට



(පද්මා කුමාරී කංකානම්ගේ)
 
නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 20 ක්, සැකකරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය ඊච්චංකාඩුව යාබද මුහුදේදී අද  (18)  දින උදෑසන මත්ද්‍රව්‍ය  නාශක කාර්‍යාංශයේ පුත්තල්ම කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාර දී ඇත.
 
සැකකරුවන් සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය  කළ යාත්‍රාව සහ එන්ජිම ද අත් අඩංගුවට ගෙන ඇත.
 
සැකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.

කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.