කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)


කේරල ගංජා තොග වශයෙන් බෙදාහැරීමේ නියුතුව සිටි තරුණයන් දෙදෙනෙකු රුපියල් 2,000,000 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 8ක ප‍්‍රමාණයක් සමඟ  අද(07) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

පොලිසියට ලත් තොරතුරක් අනුව තිහාරිය ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරල ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇත. 

පාර්සල් හතරක අසුරා තිබූ කේරල ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්  වන වයස අවුරුදු 24 හා 25 වියේ පසුවන දෙදෙනෙකි. 

මෙම සැකකරුවන් තොග වශයෙන් බෙදා හැරීම සදහා ගෙන යමින් සිටි බව අනාරවණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.