කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


රොමේෂ් මධුෂංඛ

                   

තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 14 ග්‍රෑම් 690 ක් සමඟ සැකකරුවවෙක් අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.

මන්නාරම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව තලෙයි මන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

දුම්රිය මාර්ගයේ සිදු කරන ලද වැටලීමේ දී අදාළ සැකකරු කේරල ගංජා තොගය බෑගයක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.