කේරල ගංජා බෙදාහැරි සිව් දෙනෙක් අත්අඩංගුවට


(කේ බුද්ධික කුමාරසිරි )

 
කේරළ ගංජා බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා කේරළ ගංජා ග‍්‍රෑම් හාරසියක් ද සමඟ අද (14)  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුර පවසයි.

එම කඳවුරේ අණදෙණ නිලධාරී ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතාට ලැබුණු තොරතුරක් මත දෙහිඕවිට දීගල ප‍්‍රදේශයේ  මෙම වැටලීම සිදුකර ඇත.

අවිස්සාවේල්ල, රුවන්වැල්ල , දැරණියගල, කොස්ගම සහ දෙහිඕවිට ප‍්‍රදේශවලට කේරළ ගංජා සපයනු ලබන ප‍්‍රධාන සැපයුම්කරු බව කියන කොළඹ 13 මල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ සහ රුවන්වැල්ල දෙහිඕවිට අවිස්සාවේල්ල ප‍්‍රදේශවලට ගංජා සපයන පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.