කුලියාපිටිය කාර්මික විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්


( දිනේෂ් උපේන්ද්‍ර)

                                                                                                
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ කෘෂිකාර්මික ඩිප්ලෝමාව හදාරන සිසුන් ප‍්‍රායෝගික කටයුතු සිදුකරනු ලබන අක්කර 3ක පමණ භූමියෙන් අක්කරයක භූමිභාගයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට පවරා ගැනීමේ දේශපාලනික උත්සහය වහා හකුලාගන්නා ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කුලියාපිටිය කාර්මික විද්‍යාල පරිශ‍්‍රය ඉදිරියේදී අද (21) පැවැත්විණ.
 

මේ වනවිට එහි ඉගෙනුම ලබන  සිසුන්, ආදි සිසුන් හා මේ වනවිට කෘෂිකාර්මික ඩිප්ලෝමාව හමාර කර  දිවයිනේ විවිධ රැකියාවන්හි නිරතවූ ආදිසිසුන් ඇතුළු දහසකට ආසන්න පිරිසක්  මේ සඳහා එක්ව සිටියහ.
 
 පැය දෙකකට අධික කාලයක් මෙම විරෝධතාව පැවැත්විණි.