(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අස්ථි සම්බන්ධ සැත්කම් සිදුකරන ශල්‍යාගාරය තුළ සැත්කමක් සිදුකරමින් සිටින අවස්ථාවක ශල්‍ය වෛද්‍යවරයකු විසින් එහි සේවය කරන හෙදියකට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට විරෝධය පාමින් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (13) සේවාවලින් ඉවත්වී විරෝධතාවයක නිරත වූහ .
හදිසි ප්‍රතිකාර සේවාවන් හැර අන් සියලුම සේවාවලින් ඉවත්වී ඔවුහු මෙසේ විරෝධය පල කළහ.
අද පෙරවරුවේ අස්ථි ශල්‍යකර්මයක් සිදුකරමින් සිටින අවස්ථාවේදි ශල්‍යකර්මය සිදුකරමින් සිටි වෛද්‍යවරයකු හෙද නිලධාරිනියකගේ හිසට අස්ථි කැපීමට භාවිතා කරන අඩුවක් වැනි උපකරණයකින් පහරදීමෙන් ඇයට තුවාල සිදුකළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධරයෝ පැවසූහ.
තුවාල ලැබූ හෙද නිලධාරිනිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පස්වැනි වාට්ටුවේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටී.
කුරුණෑගල රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධයක
Recommended Articles