(හේමලතා ඩී හේවගේ)
කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කොරෝනා වයිරසය ආසාදිතයවූ පුද්ගලයකුගේ ආශ්‍රිතයෙකු වූ අලව්ව ප්‍රදේශයේ පදිංචි ගුරු මහතෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔහු සේවය කරන වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට එම විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව තීරනය කර ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
පී සී ආර් පරීක්ෂණ සිදුකල මෙම ගුරු මහතා ඊයේ( 23) පාසල් ආරම්භවූ දින එම විද්‍යාලයට පැමිණිම නිසා පාසල් සංවර්ධන කමිටුව විසින් මෙම තීරනය ගෙන ඇති බවද එම කාර්යාලය පවසයි.