(පුෂ්පකුමාර ජයරත්න )
ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම භයානක තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .
කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය ආරම්භයේ සිට පසුගිය 22 වන දින තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2 ක් වූවද ඉන්පසුව අද (26) දිනය වනවිට දින 3 ක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමෙන්ම මෙම වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යන භයානක තත්ත්වය වටහාගත හැකි බව වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දුන්නේය .
මේවනවිට හමුව ඇති අසාදිතයන් 12 දෙනාගෙන් දෙදෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 8 දෙනාම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වන බව වෛද්‍ය රත්නායක මහතා පැවසීය . යුද හමුදා සාමාජිකයින් අලව්ව සහ මැල්සිරිපුර මඩහපොළ වන අතර නාවික හමුදා සාමාජිකයින් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත , කනත්තේවැව , අලව්ව , පොල්ගහවෙල පදිංචිකරුවන් බවද අද දිනයේ හඳුනාගත් තවත් ආසාදිතයෙකු මහව නාගොල්ලාගම පදිංචි නාවික සෙබළෙකු බවද අනාවරණය වූවා යැයි වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .
මෙම ආසාදිතයන් මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය කුළ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම බරපතල තත්ත්වය වන බව අවධාරණය කරන වෛද්‍ය රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අදාළ අංශ වලින් ප්‍රමාණවත් තරමට නොලැබීමද ගැටළුවක් බවත් පෙන්වා දුන්නේය .
මීට අමතරව තවත් ආසාදිතයන් යැයි සැක කරන ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඒ මහතා සඳහන් කළේය .