කුඹුක්කන්ඔය අමුණට වසර 127 පසු වානේ දොරටු


(කේෂර ගුණතිලක)

කුඹුක්කන් ඔය පාලම අසල අමුණට මෙතෙක් සවි කර තිබූ ලී දොරටු වෙනුවට වානේ දොරටු සවි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇත.

1893 වර්ෂයේදී ඉඳිකරන ලද කුඹුක්කන් ඔය පාලම අසල අමුණේ දොරටුවලට සවිකර තිබූ ගේට්ටු කුඹුක් දැවවලින් සකසා තිබිණි.

ගංවතුර කාලයේදි අමුණ අසළ රොන් මඩ සහ වැලි ගොඩගැසීම නිසා දැවවලින් ඉඳිකළ ගේට්ටු විවෘත කිරීමට අපහසුවී ඔය පිටාර ගැලීම සිදුවේ. මේ හේතුවෙන් ඔය දෙපස පිහිටි නිවාස ද ජලයෙන් යටවේ.මෙම තත්වය මඟහැරීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන වානේ ගේට්ටු 6ක් ඉඳිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව  පියවර ගත් බව මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.එම්.පී.ආර් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.