බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගඩොල් ප‍්‍රවාහනය කරන මුවාවෙන් ටිපර් රථයකින් රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් කුට්ටි කරන ලද කුඹුක් දැව තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම-බොල්ගොඩ පාලම අසල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම ටිපර් රථය තුළ අසුරා තිබූ කුඹුත් දැව කුට්ටි 45 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
රාත්‍රීයට හොඳින් පෙනෙන පරිදි ‘ගඩොල්’ යන නමින් විද්‍යුත් පුවරුවක් ප‍්‍රදර්ශනය කරමින් හොරණ සිට පානදුර දෙසට ධාවනය වන ටිපර් රථයක ගඩොල් අතර කුඹුක් දැව කුට්ටි සඟවා ප‍්‍රවාහනය කර තිබේ.