කුණු කසළ නිසා සෞඛ්‍ය ගැටළු මතුව ඇතැයි හිගුරක්ගොඩ උද්ඝෝෂණයක්


( ක.ග කරුණාරත්න)

 
හිඟුරක්ගොඩ - මින්නේරිය යන නගරවල සහ අවට ගම්මාන රැසක දිනපතා එක් රැස්වන කුණු කසළ හිඟුරක්ගොඩ  ප්‍රාදේශිය සභාව මගින් මින්නේරිය රොටවැව ප්‍රදේශයට ගෙනැවිත් බැහැර කිරීමට සහ පරිසර නීති රීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන විශාල ඌරු කොටු කිහිපයක් නිසා පරිසර හානියක් සිදු වන බව පවසමින්   ගැමියෝ  උද්ඝෝෂණයක්  කළහ.

මෙම අපද්‍රව්‍ය  මින්නේරිය වැවේ සිට කවුඩුලු වැවට ජලය ගෙන යන ප්‍රධාන  ඇළ මාර්ගයට බැහැර කිරීමට එරෙහිව රොටවැව, රත්මලේ, මහරත්මලේ යන ගම්මානවල වැසියෝ 450කට අධික පිරිසක්  මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.

 පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දුම්රියපොළ හන්දියේ මෙම විරෝධතාව පැවැත්විණි.