කුණු ඇළකින් අත් බෝම්බයක් හමුවෙයි



(ඩබ්. ඒ. පියතිලක)


පොලොන්නරුව  පුලස්තිපුර රිපායිපුර ප්‍රදේශයේ  ජනතාව පරිහරණය නොකරන (කුණු ඇළක) ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් (4) අද පස්වරුවේ වෙල්යායක ආරක්ෂිතව පුපුරවා හැරි බව පුලස්තිපුර පොලිසිය පවසයි.

 මෙම බෝම්බය තිබු ඇළ මාර්ගය  ජනතාව පරිහරණය නොකරණ ඇළකි.

ගොවියෙකු පළමු වරට දැක  පොලිසියට මේ පිළිබඳව දන්වා ඇති අතර පසුව පොලිසිය විසින්  මින්නේරිය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දන්වා තිබේ.

මින්නේරිය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය නිලධාරීහු ආරක්ෂිතව ප්‍රදේශයේ  ජන ශුන්‍ය වේල්යායකට බොම්බය රැගෙන ගොස් අදාළ අත්බෝම්බය ප්‍රදේශයේ  ජනතාව ඉවත් කිරීමෙන් පසුව පුපුරවා හැරීම සිදු කළහ. 

කිසියම් පුද්ගලයකු මෙම අත්බෝම්බය  ඇළ මාර්ගයට කලකට පෙර ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.