(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් අද ( 2) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි දෙක හමුවූ බව පොලිසිය පවසයි.
මෙම අවි මීට පෙර වෙනත් ස්ථානයක වළ දමා තිබී ඇති බවත්, මේ දිනවල කෙරෙන සෝදිසි කිරීම් නිසා මෙම ස්ථානයට ගෙනැවිත් දමා ගොස් ඇති බවත්, අවිවල පස් තැවරී තිබූ බවත්, අවි ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පුත්තලම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - එච්. චන්දන)