(ලලිත් නවරත්න)
මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම පාලවිය ප‍්‍රදේශයට කුඩු ඇසුරුම් තොගක් ගුද මාර්ගයේ සඟවාගන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ගත්බව පුත්තලම දිසා විෂ මත්ද්‍රව්‍ය හා දුෂණ මර්ධන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම පාලවිය සීමාවෙල්ලිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි. එක් සැකකරුවෙකුගේ කුඩු ඇසුරුම් තොගයේ
මිලීග‍්‍රෑම් 1050 සහ දෙවන සැකකරුගේ මිලිග‍්‍රෑම් 1100ක් තිබී ඇත.
එක් සැකකරුවෙකු ඒත්තාලේ ප‍්‍රදේශයේ රෝහලක රෝහල් සේවකයෙකු වශයෙන් සේවය කරන අතර ඔහුගේ බිරිදද ගුරුවරියක් බව අනාවරණය
කරගෙන ඇත.
දීර්ඝ කාලයක සිට මෙසේ මෙම කුඩු ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර සැකකරුවන් දෙදෙනාද කුඩුවලට ඇබ්බැහි වී ඇතිබව පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදිත් එක් ඇසුරුමක් ඔවුන් විසින් පරිහරණය කර ඇති අතර තවත් ඇසුරුමක් අලෙවි කර ඇතිබව පොලීසිය කියයි.