ඔගස්ටින් ප්‍රනාන්දු
මත්කුඩු උරන්න හලාවත මුත්තුමාරි අම්මන් කෝවිලේ දේව ප්‍රතිමාවලට පළඳවා තිබු රුපියල් එක් ලක්ෂ අසු දහසක් පමණ වටිනා රනින් කළ දේවාභරණ හා පඩුරු කාසි සොරාගත් මත්කුඩු ලෝලීන් දෙදෙනකු හලාවත මයික්කුලමේ දී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
එම දේවාලයේ භාරකරු විසින් හලාවත පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව හලාවත නගර සභා කම්කරු නිල නිවාස තිබු භුමියෙහි මෙම කෝවිල පිහිටා ඇත.
එදින රාත්‍රී කෝවිලේ වහලයෙන් ඇතුළු වී කිසිවකු විසින් එහි දේව ප්‍රතිමාවන්ට පළඳවා තිබු රනින් කළ දේවාභරණ මෙන්ම බැතිමතුන් විසින් දමා තිබු පඬුරු ද සොරා ගෙන ගොස් ඇත.
මෙහි වටිනාකම රුපියල් එක්ලක්ෂ අසු දහසකට වැඩි බවත් සොරා ගත් දේවාභරණ අතර මුත්තුමාරි අම්මන් දේවියන්ගේ නේත්‍රා දෙකට පළඳවා තිබු රනින් කළ නේත්‍රාභරණ යුගලක් ද තිබි සොයා ගෙන තිබේ.
කොවිලේ තිබු සිසිටිවි දර්ශන අනුව කොල්ලය කර ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්කුඩු ලෝලියකු හා කොල්ලකරුවකු බව කියන බාබු බව අනාවරණය කරගෙන ඇත.
ඔහු මේ වන විට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් අනුව පරික්ෂණ සිදු කළත් පොලිසිය එහි ගිය විට ඔහු එහි සිට ද පලා ගොස් තිබු බවත් හෙළි වේ.
අත්අඩංගුවට ගත් සැකකරවන් අද (15) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.