කුකුල් මස් වෙළඳාමේ මුවාවෙන් සිසුන්ට ‘මාවා’ විකුණලා


(ඩී.ජී.සුගතපාල)

කුකුල් මස් වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන්, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් “මාවා” නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය පැකට් 75ක් සහ ඒවා සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා දුම්කොළ, පැණි, ආනයනය කළ පුවක් සහ රසකාරක කුඩු  ආදිය කිලෝ 10ක් ද සැකකරු සමග සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
 
ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක් ආසන්නයේ සරෙන්තු කඩේ හන්දියේ කුකුල් මස් වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් සැකකරු කලක පටන් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාපිටිය පදිංචි 46 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
 
පොලිසිය සැකකරුගේ නිවස වටලන අවස්ථාවේ සැකකරු මෙම මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි බවත් එක් පැකැට්ටුවක් රුපියල් 100කට අලෙවි කරන බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.