(රොමේෂ් මධුෂංක )
කිලිනොච්චිය පොදු වෙළඳසැළ භූමියේ තිබූ රසකැවිලි හා පලතුරු විකුණු වෙළඳසැළක ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල මුළුමනින්ම විනාශවී ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
ගින්නෙන් වෙළඳසැළේ තිබු භාණ්ඩ විනාශ වි ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති බව පොලීසිය සඳහන් කරයි.
ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම පොලීසිය හා කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළද ඒ විටත් වෙළඳසැල තුල තිබූ සියල්ලක්ම විනාශවී ගොස් තිබූ බවඑ පොලීසිය පැවසීය.
එම ගින්න විදුලි කාන්දුවකින් හටගන්නට ඇති බවට සැක පළ කරන බව කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. ඊයේ (17) රාත්‍රීයේදී මෙම ගින්න හටගෙන තිබේ.