කිලිනොච්චියේ අතුරුදන් වූ පියාගේ සිරුර හමුවෙයි



 
රොමේෂ් මධුෂංඛ
 
 

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් කල්මඩු වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද (18) හමු වූ බව ධර්මපුරම් පොලීසිය පවසයි.


යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ සිට කල්මුඩු වැවේ මසුන් ඇල්ලීමට පැමිණි 63 හැවිරිදි සුන්දරම් පුලේන්ද්‍රන් නැමත්තා නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඥාතීන් විසින් යාපනය පොලීසියට හා කිලිනොච්චිය පොලීසිය වෙතට දැනුම් දී ඇති අතර පසුව කල්මඩු වැවට පැමිණි ප්‍රදේශවාසියකු විසින් මළ සිරුරක් වැවේ පාවෙනු දැක ඒ බව ධර්මපුරම් පොලීසයට දැනුම් දී ඇත.


ධර්මපුරම් පොලීසිය අදාළ ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ අතුරුදහන් වූ සුන්දරම් පුලේනද්‍රන් නැමත්තා බවටයි.


මිය පුද්ගලයා තිදරු පියෙකු වන අතරම මිය යාමට හේතුව නිශ්චිතවම අනාවරණය වී නොමැති බවට  සිදු කරන ධර්මපුරම් පොලීසිය පවසයි.