බිමල් ශ්‍යාමන් ජයසිංහ
පාදුක්ක මාදුලෑව ආදා දොළපාර කිරිගල් කන්දේ නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
එම පුද්ගලයන් සමඟ පුද පුජාවන් තැබීම සඳහා යොදා ගත් පූජා භාණ්ඩ, උදලු, සවල් හා රසායනික ද්‍රව්‍ය අඩංගුව බෝතල් කිහිපයක් පොලිසිය බාරයට ගැණිනි.
මාදුලෑව ගම්මාන පාර කූරගල රජමහ විහාරස්ථානයට හා කිරිගල්පොත්ත රජමහ විහාරස්ථානයට මැදිව පිහිටි අක්කර හතරකින් යුත් කැළෑවෙන් වටවූ ඉඩමක මෙම පිරිස නිධානය හාරමින් සිටි බව පොලිස් නිලධාරියකු පැවසීය.
සති දෙකකට අධික කාලයක් සිට යාග හෝම පවත්වා නිධානය ගොඩ ගැනීමේ කටයුතු සිදුකර ඇතැයි පොලිසිය කියයි.