කිතුල් ගසක් නිවසට කඩා වැටී කාන්තාවක් මරුට


(ජේ.කේ.එල් චාමින්ද සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )

වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ අද (06) පස්වරුවේ ඇති වු සුළං තත්වය හේතුවෙන් නිවසක් මතට කිතුල්ගසක් කඩාගෙන වැටිමෙන්   උණවටුණ රෑමස්සල බොනවිස්ටා ප්‍රදේශයේ  පදිංචි කාන්තාවක් මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ උණවටුණ රූමස්සල ,පහළවෙල බොනවිස්ටා ප්‍රදේශයේ පදිංචි  සුනිලා කාන්ති ජයසිංහ (59) නැමති තැනැත්තියකි.
 
නිවස මතට කිතුල්ගස කඩාගෙන වැටිමෙන් මෙම කාන්තාව මියගොස් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා  - ඡායාරූප