කෑස්බෑවන් මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට


 (රවින්ද්‍ර ලියනගේ)
 
දුර්ලභ වර්ගයේ බටු කැස්බෑවන් තිදෙනකු මරා මස් කිරීමට ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අද (7) අත්අඩංගුවට ගත් බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි.

කැස්බෑවන් මස් විකිණිමේ ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව මාරවිල මුදුකටුව වෙරළ තිරයේදි කැස්බෑවන් සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

කැස්බෑවන් දෙදෙනකු මස් කර තිබු බවත් තවත් කැස්බෑවෙකු මස් සඳහා සුදානම් කර තිබු බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෙක් අත්අඩංගුවට ගෙන  ගෙන ඇත.