කෑගලු මිහිඳු පෙරහර වීදි සරයි


කෑගල්ල වෑවලදෙණිය පුරාණ රාජමහා විහාරය 78 වන වරටත් පැවැත් වු කෑගලූ මිහිඳු මහා පෙරහර වීදි සංචාරය කෙරිණ.

1930 වර්ෂයේ ආරම්භ ක< කෑගල්ල මිහිඳු මහා පෙරහර, කෑගල්ල වෑවලදෙKsය පුරාණ රාජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබයි.මෙම පෙරහරට උඩරට, පහතරට, සබරගමු නර්තන ඇතුළු විවිධ සංස්කෘතිකාංග 54 ක් සහ අලි ඇතුන් 16 දෙනෙක් ඇතුළත්වුහ.

    පෙරහර ආරම්භ කිරීමේ අවස්ථාවට කෑගල්ල වෑවලදෙණිය විහාරාධිපති හෙම්මාතගම ශ‍්‍රී සිද්ධාර්ථ නායක හිමියන් ඇතුළු සංඝරත්නය ද, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ආනන්ද මිල්ලන්ගොඩ, හර්ෂ සියඹලාපිටිය, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක ඩබ්.සෝමදාස යන මහත්වරු සහභාගිවුහ.

එම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් හේරත් පී. කුළරත්න, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන සහ කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් අබේවික‍්‍රම වනසූරිය යන රාජ්‍ය නි,ධාරීහුද එක්ව සිටියහ.

4f45eb0e-6c1f-45e0-bbbe-f8ca6c4a71d7 8c362e39-7500-4c67-960c-3ce8fdcbe663 22945c40-9d22-4471-9474-195c1de76319