කැස්බෑ මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


( ඔගස්ටින් ප්‍රනාන්දු)   
 
කෑස්බෑවුන් මරා මස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයන් තිදෙනෙකු කැස්බෑ  මාංශ තොගයක් සමඟ අද ( 8) අලුයම හලාවත අඹකදවිල ධීවර ගම්මානයේ දී අත් අඩංගුව‍ට ගත් බව හලාවත පොලිසිය කියයි.
 

එක් දින යාත්‍රාවක් ද යතුරු පැදියක්ද සමග කැස්බෑ මංශ කිලෝ 9ක් ද අත් අඩංගුවට ගත් බවත් කියයි .
 
 හලාවත අඹකදවිල ප්‍රදේශයේ ධීවරයින් ඈත දියඹට ගොස් අල්ලා ගන්නා කැස්බෑවුන් මුහුද මැද සිය යාත්‍රාවන් තුළදීම මරා මස් කර එම මාංශ ගොඩබිමට ගෙනැවිත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත අද ( 8)  අඹකදවිල වෙරළට පැමිණි සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ පොලිස් නිලධාරින් පිරිසකට එම බෝට්ටුවේ තිබි කැස්බෑ මාංශ තොගයක් හමු වී තිබේ.
 
යාත්‍රාවේ ආ ධීවරයා අත් අඩංගුවට ගත් බවත්  ඔහුගෙන් ලද තොරතුරක් මත අඹකදවිල නිවසක තිබී තවත් කැස්බෑ මාංශ තොගයක් ද යතුරු පැදියකින් කැස්බෑ මාංශ තොගයක් ගෙන යමින් සිටි අයෙකුවද අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි.
 
 සැකකරුවෝ අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
ඔවුන් අද ( 8 දා ) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතො.

 හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.