(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩඋයන පොලිස් වසමේ සිදුකළ පැය පහක මෙහෙයුමකින් කිසිවකු විසින් ගොඩදමා තිබූ කැස්බෑ බිත්තර 90ක්, වරෙන්තුකරුවන් තුන්දෙනෙක් සහ හෙරොයින් ගංජා පානය කරන්නන් 6දෙනෙකු ඇතුලුව සියලු සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
ප්‍රදේශය පුරා සිදු කෙරෙන අපරාධ මර්දනය කිරීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම සිදුකල බව පොලිසිය කියයි.
වෙරළ තීරයේ කැස්බෑ බිත්තර ගොඩ දමා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමේදී කැස්බෑ බිත්තර හමුවූ බවත් සැකකරුවන් සිට නැත. සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර වනජීවි නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.
මෙම සැකකරැවන් නවදෙනා මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.