කැස්බෑ මස් ළඟ තබා ගත් මවට - දුවට සිරදඬුවම්


(ඔගස්ටින් ප්‍රනාන්දු ) 
 
කැස්බෑ මස් හා බිත්තර තොගයක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන සිටි මව සහ ඇයගේ දියණියට වසරක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත අතිරේක විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා නියෝග කළේය.

ඔවුනට රුපියල් 50,000/- බැගින් දඩයක් ද ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

මෙසේ දඬුවම් නියම වුයේ නල්ලදරන්කට්ටුව මුතුපංතිය ප්‍රදේශයේ පදිංචි 41  හා 23 වියේ පසුවන මවක හා දියණියකටය. 

මුතුපංතිය මුහුදු වෙරළෙ දිගේ පා මුර සංචාරයක නිරතව සිටිය දී සැකකාර මව හා දියණිය වෙරළෙහි කැස්බෑ මස් කිලෝ 25 ක් සහ කැස්බෑ බිත්තර 211 ක් සමඟ අත්අඩංගුවට ගෙන ආනවිලුන්දාව කුරුළු අභය භුමියේ අඩවි වන සත්ව ආරක්ෂක  කාර්යාලයට බාර දිීඅධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. ‍