පල්ලේවල මිදෙල්ලවල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා කසිප්පු ලීටර 3300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
කසිප්පු අත්අඩංගුවට ගෙන ජාවාරාම් කරු අත්අඩංගුවට ගැනීමට නිවසට යද්දී නිවසේ කංසා පැළ පහක් වගා කර තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
වේයන්ගොඩ පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද තුරතුරක් අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුණසිංහ, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සමන් ඇතුළු පිරිසක් වැටලීම සිදු කරන්නට යද්දී කසිප්පු තොගයක් වෙනත් ස්ථානයකට ගොන ගොස් ඇත.
කැළේ මැද කූඩාරම් ගසා තිබූ බවත්, කළක පටන් කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පෙනෙන බවත් පොලිසිය පවසයි.
කසිප්පු ලීටර 3330ට අමතරව බැරල් 18ක් සහ තඹ දඟර හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.