කැබ් රියක අලියෙක් ගැටී අයෙක් මරුට


ජයරත්න වික්‍රමරාච්චි

 

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී අද (11) කැබ් රථයක වල් අලියකුගේ හැපීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු  මිය ගොස් ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් වල් අලියා ගේ හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය හා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන පවත්වයි.