කැබ් රිය පෙරළී හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තුවාල


 දියතලාව - ඩී.කේ.රත්න

තණමල්විල වැල්ලවාය මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී අද (30) හවස 6.30ට පමණ යුධ හමුදා නිලධාරීන් රැගත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් යුද හමුදා නිළධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙනරාගල සිරිගල රෝහල වෙත මාරුකර යවා ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.

එලෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අම්පාර මල්වත්ත යුදහමුදා කඳවුරේ විසිහතරවන රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකි.

තණමල්විල ප්‍රදේශයේ සිට අම්පාර යුද හමුදා කඳවුර වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථයේ යුදහමුදා නිලධාරීන් තිදෙනෙකු ගමන් කර ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.

කැබ්රථයේ රියදුරුට කැබ්රථය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුවී ඇතයි කුඩාඔය පොලීසිය පවසයි. කුඩාඔය පොලීසියේ නිළධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.