(සමන් පාලිත නානායක්කාර )
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද ( 10) සවස හල්දුම්මුල්ල බෙරගල නගරයේ දී පාරෙන් ඉවතට පැන වෙළඳ සැලකට කඩා වැදීමෙන් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි.
මෙම අනතුරින් බලන්ගොඩ සිට වෙළඳාම සඳහා පැමිණ සිටි වෙළඳ නියෝජිතයකු වන සමන් කුමාර (40) නැමැති අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රි රෝද රථයකටත්, වෙළඳ සැලකටත් මෙම අනතුරින් හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. රියැදුරුට නින්දයාම මෙම අනතුරට හේතුව බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි .
කැබ් රථ අනතුරින් එක් අයෙකුට බරපතලයි
Recommended Articles