නිමන්ති රණසිංහ
කාන්තාවන් විවාහ කරගන්නා බව පවසමින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ නවදහස් පන්සියයක මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා නායක ගුවන් භටයෙකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.
මඩකළපුව ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සීදුව ප්‍රදේශයේ පදිංචි මුතුගලගේ දිනේෂ් නැමැත්තෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සෞඛ්‍ය සහයිකාවකගේ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර 32 හැවිරිදි ඔහු දෙදරු පියකු බවද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.