(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසක කලක සිට පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා , එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
ඒ අතර නිවස හිමි කාන්තාව සහ මුදලට අලෙවි වෙන කාන්තාව ද සිටි බව පොලිසිය කියයි .
මෙම කාන්තාවන් දෙදෙනා කුළුපඟ මිතුරියන් වන අතර, මුදලට අලෙවි වන කාන්තාවගේ ඉල්ලීම පරිදි , මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නිවස ලබාගෙන , කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පැවසෙ.
ඒ සඳහා පැමිණෙන එක් පුද්ගලයකුගෙන් පැයකට රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඇති අතර , නිවස හිමි කාන්තාවට ඉන් රුපියල් 500ක මුදලක් ලබාදී ඇතැයි පැවසේ.
මේ පිළිබඳව මත්තෙගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් , එම අවස්ථාවේ දී ද පුද්ගලයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සැකකාරියන් සිටඇති බවද පැවසේ.
මෙම ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ලැබෙන පරිද්දෙන් , තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයින්ට අලෙවි ගෙන ඇතැයි ද පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් කාන්තාවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.