(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් සිටි බව කියන කාන්තාවක් අද(08) මුහුදු රැළකට හසුව දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙම කාන්තාව වෙරළ දිගේ ගමන් කරමින් සිටි අතර ඇය එක් වරටම මුහුදට ගසා ගෙන ගිය බව සිද්ධිය දුටු පිරිසක් පවසා ඇති අතර මෙම කාන්තාව එක් වරටම මුහුදට පනිනු දුටු පිරිසක්ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දියේ ගිලී මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවකි.
මිය ගිය තැනැත්තියගේ යැය සිතිය හැකි පන් මල්ලක්ද කළු පැහැති රබර් සෙරෙප්පු දෙකක් ද වෙරළේ තිබී හමු වී ඇත.
හලාවත නාවික හමුදා කඳවුරේ නාවිකයින් පිරිසක් කාන්තාව ගොඩට ගෙනැවිත් තිබූ නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

