කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි


ඔගස්ටින් ප්‍රනාන්දු සහ  ජුඩ් සමන්ත

 

අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත - ඔළිදළුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි වර්ණකුලසූරිය මේරි රීටා ප්‍රනාන්දු (70) හැවිරිදි කාන්තාවකි.

මිය ගොස් ඇති කාන්තාව හලාවත - වට්ටක්කල්ලිය, කාවාටියාවත්ත ප්‍රදේශයේ දරුවන් සමඟ පදිංචිව සිට ඇත.

පසුව ඇය දරුවන්ගෙන් වෙන් වී වසර 4 කට පමණ පෙර සිට හලාවත - ඔළිදළුව ප්‍රදේශයේ සුසාන භූමිය ආසන්නයේ කුඩා පැළක් සාදා ගෙන ජීවත් වී තිබේ.