(ඩි.ජී.සුගතපාල)
ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අත්පා ගැට ගසා බැඳ දමා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (17) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කිරිමේදි ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව කාන්තාවගේ නිවසට ගිය පොලීසියට ඇයගේ බැමි ලිහා මුදා ගැනීමට හැකි වී තිබේ.
මෙම කාන්තාව තනියම නිවසේ සිටින අතර ප්‍රධාන සැකකරු කළක් ඇයගේ නිවසේ සේවය කර ඇති අයෙකු බවද පොලිසිය පවසයි.
ගාල්ලේ පදිංචි ප්‍රධාන සැකකරු පසුගිය වසරේ මැයි 30වන දින තම අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදි වෙනත් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අනෙකුත් සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් ඇප ලබා පැමිණ ඇත.
එම සැකකරුවන් දෙදෙනා කොස්ගොඩ සහ ඌරගහ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති
එසේ පැමිණ සිටියදි ගාල්ල පදිංචි ප්‍රධාන සැකකරු මෙම කොල්ලය සැළසුම්කර අනෙක් දෙදෙනා නිවසට යවා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා තිබේ.එසේ කොල්ලකන ලද දේපලත් රැගෙන බස් රථයකින් යයාමට සුදානම්වු අවස්ථාවේ පොලිස් නිලධාරි කණ්ඩායමක් මොවුන් ගැන සැකසිති ගාල්ල දුම්රිය පොල අසලදි බස් රථය නවතා පරික්ෂා කර තිබේ.
එහිදි කොල්ලකන ලද රන් භාණ්ඩ සහ මුදල් සොයාගෙන ඇති අතර වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේදි මාගාල්ලේ නිවසක කාන්තාවක් බැඳ දමා කොල්ලය සිදුකරන ලද බව සැකකරුවන් පවසා ඇත.ඒ අනුව ක්‍රියාත්මකවු පොලිසිය වහාම එම නිවසට ගොස් කාන්තාව බේරාගෙන ඇත.