කාන්තාවක ප්‍රපාතයකින් වැටී මරුට



( දියතලාව - ඩී.කේ.රත්න )
මඩොල්සිම වැරැල්ලපතන ප්‍රදේශයේ ප්‍රපාතයක් අසල දර කැඩීමට ගිය කාන්තාවක් අද (4) හවස අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි මඩොල්සිම පොලීසිය පවසයි.


මඩොල්සිම වැරැල්ලපතන වතුයායේ පදිංචි එස්.අංගම්මා නැමති හැත්තෑනව හැවිරිදි කාන්තාවක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.


මෙම කාන්තාව තවත් කුඩා ළමුන් දෙදෙනෙකු සමග දර කැඩීමට ගොස් ප්‍රපාතයක් අසල පිහිටි ගසක දර අත්තක් ඇදීමට යාමේදී මෙම ප්‍රපාතයට පෙරළී තිබේ. කාන්තාව ප්‍රපාතයට පෙරලීමෙන් පසු කුඩා ළමුන් දෙදෙනා තම නිවෙස්වලට පැමිණ මේ පිළබදව වැඩිහිටියන්ට පැවසීමෙන් පසු වැඩිහිටියන් පැමිණ අඩි තුන්සියයක පමණ ප්‍රපාතයට වැටී සිටි මෙම කාන්තාව සොයා ගෙන ඇත.


මියගිය කාන්තාවගේ මල සිරුර ගසක රැදී ඇතයි පොලීසිය කියයි. බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මඩොල්සිම පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.