කාන්තාවක දූෂණය කළ දෙදෙනෙකුට සිර දඬුවම්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තම පුතු හා සැමියා ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතල ලිංගික අපයෝජනය  කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව සිර දඬුවම් නියම කිරීමට පුත්තලම හිටපු මහාධිකරණ විනිසුරුවරයා අද (05) නියෝග කළේය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ පල්ලම පොලිස් වසමේ ආඩිගම පදිංචි ප්‍රදිප් කුමාර නැමැති 36 හැවිරිදි සහ ඇනස්ලි රුක්මන් නැමති 41 හැවිරිදි දෙදෙනෙකුටය.

චූදිතයින් 2009 වසරේ අගොස්තු මාසයේ 31 ආසන්න දිනයේදී  නාගවිල ආඩිගම ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැදී  සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ ඉඩමේ මුරකුරු ලෙස සේවය කළ සැමියා හා පුතු ගස් බැද  මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ඉන් පසුව තුවාල සිදුකරමින් රංචු ගැසි බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවට චුදිතයින් වරදකරුවන් කිරීමට පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා  සිය තින්දුව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙහිදී චුදිතයින්ගෙන් පළමු චුදිත වූ පත්තම් පෙරුමආරච්චිගේ දොන් ප්‍රදිප් කුමාර නැමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක් සිර දඩුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙසට සිර දඬුවම් නියම කර තිබුණි.

ඒ සමග මෙහි දෙවන චුදිත වු හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති චුදිතයාට නගා තිබු චෝදනා වෙනුවෙන් වසර 51 ක සිර දඬුවම් නියම කර තිබුණි. මෙහිදි චුදිතයාටද වෙන් වෙන් ලෙස ගෙවී යන ලෙස සිර දඬුවම්  නියම කළේය.

මෙයට අමතරව සිද්ධියට මුහුද දුන් කාන්තාවට එක් චූදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමටද මහ අධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.

ඒ සමඟම එය නොගෙවන්නේ නම් ඒ සඳහා ද මෙම සිර දඬුවම් අදාළ ලෙස වසර 5ක සිර දඬුවමක්  බරපතල වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබුණි.