කාත්තන්කුඩි වෙරළේ කාන්තා මළසිරුරක්


(මඩකලපුව වාර්තාකරු  ටී.එල් ජවෆර්කාන්)

කාත්තාන්කුඩි පොලිස් වසමේ  කාත්තන්කුඩි  වෙරළේ  කාන්තා  මල සිරුරක්  අද උදේ 9ට  පොලිසිය සොයා ගත්  බව  පොලිසිය පවසයි

වයස 65ක්  පමණ  මෙම කාන්තාව මුහුදු රැල්ලේ ගසා  මුහුදු වෙරළට ගොඩ ගසා  තිබියෙදී  සොයා ගත් බවත්  ඇය කාත්තන්කුඩි  පදිංචිකාරියක් බවටත් අනාවරණ වී ඇත.

මෘතශරීරය පරීක්ෂණ සඳහා  මඩකලපුව  ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර  පොලිසිය පරික්ෂණ පවත්වයි.