ක.ග කරුණාරත්න
පොලොන්නරුව, නවනගරය, 04 ඇළ ප්‍රදේශයේ ජල නළ එලීමක් සඳහා බැකෝ යන්ත්‍රයක් මගින් කාණුවක් කපද්දී ඉපැරණි සඳකඩ පහණක් අද (02) හමු වූ බව පුරාවිද්‍යා නිළධරයෝ කියති.
දිගින් අඩි 05 ක් පමණ වන ඉපැරණි සඳකඩපහණ අඩි 03 ක් පමණ පළලින් යුක්තය.
එය පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ බාරයට ගත් බව එම පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
ඉපැරණි විජිතපුර බළකොටුව පිහිටා ඇත්තේ ද මෙම සඳකඩ පහණ හමුවූ ස්ථානයට ආසන්නයේය.