කළමනාකරණ සහකාර වෘත්තීය සමිති උද්ඝෝෂණයක් බදුල්ලේ


(පාලිත  ආරියවංශ) 

 
කළමණාකරණ සහකාර සේවා එක්බද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් හා පෙළපාළියක් බදුල්ල නගරයේ දී  අද (29)  පැවැත්විණි. 
 
වැටුප් වර්ධක, සේවානාමය වෙනස් කිරීම  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණය කළහ. 
 
ඌව පඝාතේ රාජ්‍ය කළමණාකාරණ සේවක සේවිකාවන් සමඟ  මෙම සංගමයේ කැදවුම්කරු උදේනි  දිසානායක මහතා ද මෙම විරෝධතාවයට එක් විය.
 
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදරිපිටදී මෙම උද්ඝෝසණය ආරම්භ කර තිබු අතර  අනතුරුව බදුල්ල  නගරයේ පෙළපාළිය ගමන් කළේය.