කහවත්ත රෝහල අසළ විරෝධතාවයක්


අජිත්ලාල් ශාන්තඋදය

 

කහවත්ත රෝහල ඉදිරිපිට අද (13) පැවති විරෝධතාවක් හේතුවෙන් නගරය මැදින් ඇති ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැය කිහිපයක් දැඩි බාධා ඇති විය.

කහවත්ත රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණි තමන්ට එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඖෂධ නිකුත් නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

විරෝධතාකරුවන් පැවසුවේ තමන් ප‍්‍රතිකාර ලබාගැනීමට එදින කහවත්ත මුලික රෝහලට පැමිණි රෝගින් සහ ඔවුන්ගේ බාරකරුවන් බවයි.

කහවත්ත නගරයට ඈත දුෂ්කර ගම්මාන වලින් මාසික සායනවලින් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ රෝගීන් මෙන්ම බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ තමන් රෝහල් සේවකයන්ගේ මෙවැනි ක‍්‍රියා හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්වන බව ඔවුහු පවසති.