පැතුම් දර්ශන
ප්‍රධාන වෛද්‍යවරයකු නොමැති වීමත් සේවයට අවශ්‍ය අනෙකුත් කාර්ය මණ්ඩලයේ හිඟතාව නිසා කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ගැටලු රැසක් පැන නැගී ඇතැයි කියමින් කහටගස්දිගිලිය රෝහල් කමිටුව සහ ප්‍රදේශවාසීහු අද (15) කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වුහ.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙක් දැනුවත් කළත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවසු උද්ඝෝෂකයෝ තමන් පත්ව සිටින අසරණතාවය පිළිබඳව බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද පැවසූහ.
මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණය කිරීම නිසා අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණ අතර පසුව කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ උද්ඝෝෂකයෝ මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ.