කහ මිල ඉහළයාම නිසා නොමේරු කහ ගලවා විකුණති


(ජේ.කේ.එල් චාමින්ද)
 
කහ සදහා මේ දිනවල ඉහළ මිලක් ලැබීම නිසා ඇතැම් කහ ගොවීහු වෙළද පොළේ මෙන්ම මහමගද නොමේරු කහ ගලවා අලෙවි කරමින් සිටිති.කහ මෝරන්නටත් පෙර  ළදරු අවදියේ දි ඇතැම් ගොවීහු අලෙවි කරති.
 
මේ නිසා නියමිත ප්‍රමිතියෙන් යුතු කහ පාරිභෝගිකයින්ට මිලදි ගැනීමට නොහැකිවී ඇති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
 
වැවිලිකර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කීවේය.
 
 "මේ වතාවේ අපිට විශාල කහ අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. ඒ හරහා අපිට වාර්ෂිකව  කොටි 150ක විදේශ විනිමයක් ඉතිරිකරගැනිමට හැකිවුනා. දේශීය කහ අවශ්‍යතාවයෙන් තවමත් අපිට සපුරා ගැනීමට හැකිවෙලා තියෙන්නේ  50%ක 60%ක අවශ්‍යතාවයක්. නොමේරු හා ළදරු අවදියේ දි කහ ගලවන්න එපා කියා  අපි ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා.  කහ අස්වැන්න ලබා ගැනීමට මාස 09ක් ගත වෙනවා. කහ අල මෝරනකම් ගලවන්න එපා. එහෙම වුනොත් ගොවීන්ට කහවගාවෙන් සම්පුරණ අස්වැන්න ලබාගැනීමට නොහැකිවෙනවා. ඉදිරි කන්නයේ දි බිජඅල සපයාගැනීමේදිත් ගැටළුවක් ඇතිවෙනවා" යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.