(සිතුම් චතුරංග)
නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි.
නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබූ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙම කහ තොගය ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය සඳහන් කළේය. ජලය කාන්දු නොවන ලෙස සකස්කරන ලද ඇසුරුම් 27 ක් තුළ මෙම කහ තොගය අසුරා තිබූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ධීවරයෙකි.
සැකකරු හා කහ තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.