කලා වැවෙන් හමුවූ අලි පැටවාගේ සිරුර ගැන පරීක්ෂණ


(කුෂාන් ජයවර්ධන)
 
කලාවැව ජාතික උද්‍යානයේ තිබී හමුවූ අභිරහස් ලෙස මියගිය වල්අලි පැටවකුගේ සිරුරක් සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්විණි.කලාවැව ජාතික උද්‍යානයේ දඹේවටනමුල්ල රඹවල ප‍්‍රදේශයේ තිබී අලිපැටවාගේ සිරුර හමුව තිබිණි.
 
ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් කලාවැව ජාතික උද්‍යානයේ සිදුකළ විශේෂ සෝදිසියක දී එම අලිපැටවාගේ සිරුර සොයාගෙන ඇත.
 මිය ගොස් ඇති අලි පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.
 
අලිපැටවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් එම අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) දහවල් පවත්වනු ලැබීය.