(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් ලැගුම්ගෙන සිටි හෝටලයකට ඇතුළු වූ පිරිසක් විදේශීය සංචාරකයන් බියගන්වා පහර දී ඔවුන් සතු මුදල්, දේපල කොල්ලකා පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
සීගිරිය ගල ආසන්නයේ මෙම සංචාරක හෝටලය පිහිටා තිබේ. අද (6) අලුයම 2 ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණය කර මෙම සංචාරක හෝටලයට ඇතුළු වී එහි සංචාරකයන් ලැගුම්ගෙන සිටි කාමර කිහිපයකට ජනෙල් විවෘත කර ඇතුළු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සීගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර එහිදී සිද්ධිය වූ සංචාරක හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති වීම නිසා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකර බැලීමේදී අලුයම 2.15 ට පමණ තරුණයන් කණ්ඩායමක් එම හෝටලයේ ආසන්නයේ සිට ප්‍රධාන මාර්ගයේ දිව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
කෙසේ වෙතත් රටවල් 4ක පමණ මිතුරන් පිරිසක් මෙම සංචාරක හෝටලයේ ලැගුම් ගෙන සිට ඇති බව පොලීසිය කියයි. එහිදී එක සංචාරකයකුට මෙම මංකොල්ල කණ්ඩායම විසින් පහර දී තිබෙන අතර ඔහු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.